FACEBOO K මතක සැමරුම ....

කොළ පාට රවුම් වැටුන 
චැට් එකේ නම් අතර 
නුඹේ නම කොහේ හෝ 
තිබේදැයි සොයනවා ...

වදනකුදු නොදොඩාම 
කොළ රවුම යනකම්ම
ගෙවුණු අතීතෙක මතක සැමරුම්
සිත පුරා මැවෙනවා ...

ඒ දෙසම බලා මොහොතක්
තිරෙන් ඔබ මැවී පේනවා
මටම නොදැනීම තවත් මොහොතක
තිරය බොදවී නොපෙනී යනවා ...

ඇති හිතුන පසු
තිරය හකුලා දමනවා
කියා ගන්න බැරි හැගුම්
නෙතු දිගේ ඇද හැලෙනවා .............................................................................................

Comments