මංසලක් වේ නම්, වෙන වෙනම හැරී යා යුතු .........

හඹා යන ජීවිතය 
දකිනු රිසියෙනි 
අලුත් දවසක පෙර මඟ 
පිරිත් පැන් ඉසින ...............

නෙක නෙක අරුත් දෙන 
එකම ගමනක ඇදෙන
මහවැලිය බඳු
නියත දහමක්
මට නම් නොමැත සොඳුරිය ................

මංසලක් වේ නම්
හැරී යා යුතු
වෙන වෙනම...
දොරටු වසා ඇති තෙක්
මහවැලි ගං ඉසව්වේ

මා මැවූ ලෝකයක් ඇත ...

කියන්නට කතාවක් ඇත ...

කිසිදිනක නොකියවුණු ...............................................................




Comments