Despair & hope

නිවහනෙන් වෙන් වෙලා දුරු රටක උන්නාට
අපෙත් ලේ මස් නහර තියනවා ...
දිලිදුකම් අඩුවෙලා මුව සිනහ නැගුනට
යවුවනය නිතර ඉකි බිදිනවා.....

පෙන නගන මදු පාන පිපාසය නිව්වාට
ගෙදර ලග ලිද මතක තියනවා ....
මස් පාන් රොට් රෝල් සාගින්න නිව්වාට
අම්මගේ බතට කුස සාගින්න හඬනවා...

ඉන්ටෙර්නෙට් ටෙලිවිසන් වන්දනා කෙරුවාට
සෙනෙහසක සුවද කොහි සොයනවා....
තමන්ටය කිසිත් නැති මාවතක කොනක අපි
අනෙක් කොන හෙට දවස පෙනෙනවා....

Comments