නිදහස ගැන නිදහසේ හිතන්නට ,,,,,,,,

ගීයක් ලැබුණා ... ජාතික කොඩියක් ලැබුණා ....  තලු මරන්න  මිහිරි අකුරු හතරක් ලැබුණා .......
නන්දා  මාලනිය  මෙහෙම කියනකොට ,,,,,
අපට මේ ලැබුණ  නිදහස,,,  සුද්දෝ බන්දේසියක තියලා  පිලිගන්නුවේ  නැති බවක් අපිට කියලා  තිබුනේ 
ඒ කාලේ  ටයි කෝට්  ඇදන්,,, සිංහ කොඩිය කොඩි ගහේ  මුදුනේ  එල්ලපු    මහත්මයෙක් .....

 කවුරු , කෙසේ ,කොහොම කිවුවත්,,  හැමෝටම නිදහස ගැන මතයක් තියනවා .  ඒ ඔවුන්ට හිමි නිදහස.... 
                1818 වෙල්ලස්සේ කැරැල්ලේ ඉදන් හැලිච්ච ලේ වල  මතක සටහන් අදටත් අපි මතක් කරනවා.
ඉතින් කොහොම හරි ,, සුද්දගේ යකඩ සපත්තුවට තැලිලා ,පොඩිවෙලා   අන්තිමේ සුද්දාගෙන් නිදහස ලබාගෙන  අදට ,
අවුරුදු 65 ක් ... බලාගෙන ගියාම සෙල්ලන්  කාලයක් නෙවෙයි  නේද...?..  පහුගිය අවුරුදු 65 පුරාම ....  මේ නිදහස මහා ඉහලින් සමරන්නේ  අපේ පාලකයෝ ...  නිදහස් දිනය මහ ඉහලින් තේජාන්විතව සැමරීම   එයාලගේ වගකීමක් කියනවනේ....  
නිදහස  ගැන මේ විදිහට ලියන්න හිතුනේ.. මුහුණු පොතේ රස්තියාදු වෙනකොට  දැක්ක අපුරු  පද පේළි කීපයක් නිසා.......... 
              මේ කේතුමතියයි ....
              ශ්‍රී ලංකා රාජ්‍ය නම් වූ සුර පුරයයි ........!
              පිටතින් සුදෝ  සුදු  සුන්දර පෙනුමින් යුතු  මිනිසුන්ගෙන්ද ,, ගැහැණුන්ගෙන්ද ,, පිරුණු .......
              ස්ත්‍රී දුෂණ ,.ළමා අපචාර , කෙළවරක් නැති ඝාතන ,පැහැරගැනීම් , ජාතිවාදය , ආගම්වාදය , 
              දේශපාලනීකරණය ,,,  
              නොමැති වූ ..... ශුද්ද භූමියයි ........
              කිසිවෙක් කිසිවෙකුට බිය නොවන මානව හිතවාදීන්ගේ දේශයයි ................

         කොහොම හරි නිදහස ලබලා  හැටපස් වසරක් ,,, ගෙවිලා තියන මේ මොහොතේ ....  හිතන්න දෙයක් 
 ඒ ..පද පේළි  අතරේ තියනවා කියලයි මගේ නම් හැගීම . ...................   

Comments