"OLD IS GOLD".- Old Sinhala Radio Songs ගුවන් විදුලි පැරණි රසාංග mp3

80' දශකය යනු  ශ්‍රි ලංකාවේ පැවති ආර්ථික  රටාවේ පැහැදිලි විතැන් වීමක් පෙන්නුම් කල දශකයකි .
70' දශකයේ අග  නිදහස් ආර්ථික රටාවක් හදුන්වාදීමත් සමග මෙරට සිදුවූ ආර්ථික සහ සමාජීය විපර්යාසයට සෘජුවම මුහුණ දුන් පළමු පරම්පරාව 80'දශකයේ උපත ලැබුවන් වේ .  අද අප බුක්ති විඳින බොහෝ තාක්ෂණික ප්‍රරයෝගයන් මුලින්ම ශ්‍රීලංකාව තුල අත්හදා බැලු පළමු පිරිස ඔවුන් වුවා  මෙන්ම එතෙක් පැවති සාම්ප්‍රදායි වූ බොහෝ දේ අවසානයටම පරිහරණය කළ පිරිසද ඔවුන්ම වන්නේය .......   
ඔබ 80'දශකයේ ඉපදුන කෙනෙකු වී නම් , කෙටි තරංග ඔස්සේ (S W ) විකාශණය වූ රේඩියෝ අසා ඇති බවට සැක නැත .
අද අප ශ්‍රවණය කරන F M  තරංග මෙන් පැහැදිලි නොවූ මේ කෙටි තරංග, රේඩියෝ විකාශන සඳහා බාවිත කරන ලද්දේ තාක්ෂණික ගුණාත්මක බවෙන් අඩු මෙවලම් සහිතවය  . එබැවින් නිරන්තරයෙන් ශ්‍රවන අපහසුතා දක්නට ලැබිණි . 
තාක්ෂණික අතින් අද අප කොතරම් ඉහල තැනක සිටියද , එදා එක්තරා යුග හුවමාරුවක අතරමැදියෝ වූ අප ඉඳහිට හෝ පැරණි  සරල ගීයක් කන වැකුණු සැනින්  කාලයේ වැලිතලාවෙන් වැසි ගිය ඒ පෙර දවස නිතැතින්ම සිහියට නැගෙයි .
එකල පවතී සරල ජිවන රටාව සිනමා පටයක දසුනක් සේ මනස රැදෙයි ......

Comments

  1. dan thiyana radio chanal wala me sindu yan na. riyalaty wada satahan wala superstar wena aya me sindu kiyala thamai issarahata anneth.

    ReplyDelete

Post a Comment