' අග්නි ' තේමා ගීතය

අපේ රටේ රූපවාහිනී  නාලිකා වල විකාශණය  වන බහුතරයක් ටෙළි නාට්‍ය ගැන  ඇතිවෙන හැගීම  කොයි වගේ එකක්ද?...
පුද්ගල රසවින්දනය කෙනෙක්ගෙන් තව කෙනෙකුට වෙනස් නිසා උත්තර ගොඩක් තියන්න පුළුවන්....      සතියකට එක් වතාවක් පමණක් නරඹන නාට්‍ය , ඊලග සතියේ එම දිනය  උදාවන තුරු නොවිසිලිමත් උන  රසික පිරිසක් ,,,  නාට්‍ය නැරබීමෙන්  ඇත් වන්නේ 90 දශකය අවසන් වනවාත් සමගම රුපවාහිනී නාළිකා ගොන්න අතරේ මෙගා නමින් කරලියට පිවිසෙන නාට්‍ය ගොන්නත් සමගයි .                                                                                                                                                                                                                            රස ගුණ වෙනුවට  ළද -බොළදකම   පමණක්ම සිමා වුනු  බාල  ගණයේ  ටෙළි නිර්මාණ  අද වනවිට ඕන තරම් ...........
මේ අතර මෙගා ලේබලය තුලම ,,,  හොද නිර්මාණකරුවන්  තම අවස්ථාවෙන් රසිකයන් අතරට වඩා හොද යමක්  ලබාදීමේ අරමුණින් තම නිර්මාණ එළිදක්වනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි ...
                                                                  පණ්ඩිත්  අමරදේවයන්ගේ  සුමදුර හඩින්  වැයෙන  ගීතයක්..  තේමා ගීතය කරගත්  'අග්නි'   ටෙලි නාටකය  එවැනි හොද නිර්මාණයක් බව ලියුම් කරුට ඒත්තු යන නිසාවෙන් එම නාට්‍ය ගැන නොව , එම නාට්‍යයේ තේමා  ගීතය පිළිබද  සරළ  සටහනක් තබනු රිසියෙන් ගනු ලැබූ උත්සාහයකි  මේ ......
                                           සිංහල සුබාවිත ගී  මිහිර  මනරම්ව කැටිවූ  අපුර්ව ගීයක් බව  ගීයේ මුල් වදනයෙන්ම ඇසීමෙන්ම නිරන්තරයෙන්ම ඒත්තු යන්නක් ...

                    ගිමන් හරින දියඹ දිගේ 
                    සුසුම් හෙලන වෙරල ඉමේ 
                    බැසයන හිරු අඩසි සදට රහස් කියනවා 
                    සද ආදරයෙන් රටා  මවනවා....................... 
 
                    හිත්  දැහැනේ වේලි තිබුණු 
                    නෙත් දැහැනේ  ගල හැලුණු 
                    මියැදෙන්නට බලා හිදපු 
                    ආදරයද මේ .............................
                    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ ..............................

                    නිල කටරොළු නිල නැහැවුණු 
                    මල් බර මුදු සුව රජයන 
                    තොල්පෙති කල් පලදාලන 
                    ආදරයද මේ.................................
                    නුඹ රහසේ කියදුන්නු ආදරයද මේ......................................

ආදරය යනු කොයි තරම් මිහිරි අත්දැකීමක්ද... විටක සිත දැහැනින් වෙළන , තවත් විටක සිතට විඩාව  ගෙන එන ,,, නිරතුරුවම අප ජීවිතය හා සරන  මේ ලෝකය අප වටපිටාව අපට කියා දෙන ... ඒ සොදුරු ආදරය මේ යැයි  කියා මේ මනරම් ගීතය අපට කියනවා ...     
ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොයිතරම්ද යන්න අසන්නා  සහ බලන්නාගේ සිත නොතැලෙන සියුම් වුත් සුන්දර වුත් රූප  රාමුපෙළකින් ගීතය  සරසනවා ...
 ඔබට ආරාධනා කරනවා ,,,,, ගීතය රසවිදින්න ..........   ' අග්නි '  නාට්‍යද   නරඹන්න .......  ගීතය  පිළිබද විචාරය එතැන් සිට අරඹමු .............

   

Comments