Skip to main content

Posts

Featured

උපුල් ශාන්ත සන්නස්ගල මඟ හැරුණු ජිවිතෙන් බිඳුවක්.............

උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි. මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු. මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න. අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා. මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බො

Latest posts

මංසලක් වේ නම්, වෙන වෙනම හැරී යා යුතු .........

"OLD IS GOLD".- Old Sinhala Radio Songs ගුවන් විදුලි පැරණි රසාංග mp3

මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ

FACEBOO K මතක සැමරුම ....

කළු මොණරා කියවමු ............ Kalu Monara - (Interview with Lahiru Madivala)

නිවැරදි මග ගන්න තෝර.... හොයමුද අපි සැබැ පාර...........................

ලයිට් නැති පාර දිගේ ... සද ඇවිදින දවස අද ..........

´*•.¸(*•.¸¸.•*´)¸.•*´ «´¨`•° ආදර කතාවක් True Love Story °•´¨`».¸.•*(¸.•*´`*•.¸)`*•.

Despair & hope